හෙන්රි ජයසේන නමි වු අසහාය කළාකරුවා

හෙන්රි ජයසේන යනු නවකථාකරුවෙකු, කවියෙකු, නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු, නාට්‍ය නිෂ්පාදක‍යෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි. කලා ‍ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.

1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් ‍කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. නිවසේදී සිංහල, ඉංග්‍රීසි, හා ගණිතය අධ්‍යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්‍රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලටය. ගම්පහ ලොරෙන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඔහු උසස් අධ්‍යාපනය ලැබීය. නාලන්දා විද්‍යාල‍යේ අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදී, යූ.එස් පෙරේරා (සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාට්‍යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.

හෙන්රි‍ගේ මුල්ම පත්වීම වූයේ තාවකාලික ලිපිකරුවෙකු ලෙස කොළඔ කොටුව රෙජිස්ට්‍රාර් කාර්යාලයයේ ලද පත්වීමයි. ඉන්පසු ඔහු පදියපැළැල්ල දෙහිපෙ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උප ගුරුවරයෙකු ලෙස ලද පත්වීම් ලැබීය. 1951 දියතලාව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳුනු ඔහු, දිගු කාලයක් සේවය කළේ එහිය. 1962 දී නාට්‍ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්‍ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.

හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ ද බොහෝමයක් ඇත ඒ වායින් කිහිපයක් නමි

(1) මනමාලයෝ – පරිවර්තන (1953)

(2) වැදගත්කම – පරිවර්තන(1954),

(3) ඇත්ත කුමක්ද? – පරිවර්තන (1955)

(4) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)

(5) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)

(6) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)

හෙන්රි ජයසේනමි වු අසහාය කළාකරැවා මෙරට නාට්‍ය කළාවට පමණක් නොව තව විශාල සේවාවන් සදහාද ඹහුගේ දය කත්වය ලැබී ඇත

Advertisements
This entry was posted in මගේ අදහස්. Bookmark the permalink.

One Response to හෙන්රි ජයසේන නමි වු අසහාය කළාකරුවා

  1. madhushikakaushalya says:

    ගොඩක් වැදගත් ලිපියක්.ලස්සනයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s