ටිකක් හැමෝම හිතලා බලන්න.

එපා කිසිවිට උඩඟු වන්නට එයින් යහපත     මැකෙනවා

එපා කිසිදින උරන වන්නට එයින් සැනසුම   මැකෙනවා

එපා මානය හිතට ගන්නට එයින් හදවත          රිදෙනවා

එපා ආශාපොදි බදින්නට මැරෙනවා අපි       මැරෙනවා

සිල්ගන්න අය සිල් රකිනවද?

දැන් තව දින දෙකකින් පොසොන් පෝය දිනේ උදාවෙනවා ඒ වෙනුවෙන් රට පුරාම සීල වි්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා අපේ ගම් ප්‍රදේශවල ජීවත් වන උදවිය පොහොය දින එනකන් ඉන්නෙ මොකද සිල්ගැනීම සදහා උදේපාන්දරම සිල්රෙදි ඇඳගෙන සිල්ගන්න යනවා බොහෝ උපාසක මහත්වර් නම් උදේට සිල්ගන්නවා හැබයි හවසට සුරා පානය කරනවා.

මේක තමයි අද සිදුවෙන සැබෑ තත්වය මම හිතන්නෑ සිල්ගන්න සියලු දෙනාම මෙහෙම කරනවා කියලා නමුත් වැඩි දෙවනක් කරන්නෙ මේදේ තමා. ඒ වගේම අනිත් උපාසිකා මහත්මියලා සිල් අරගෙන කතා කරන්නේ රටේ නැති ඕප දුප ටික කතාකරන්න එන්නෙ පෝය දවසට පන්සලට ගිහින් සිල්ගන්න වාඩිවුන තැන ඉදලම කතා කරන්නේ අනුන්ගෙ දේවල් සමහර උදවිය නියම ආකාරයෙන් සිල් ගන්නවා නමුත් සමහර පිරිස් කරන්නෙ ඔන්න ඔය ටික තමයි.

මෙහෙම සිල්ගත්තොතින් සිල් රකින්න පුලුවන්ද කියන එකයි පශ්ණෙ නමුත් මම හිතන්නෙ හතර පෝයටම සිල්ගන්න අයට වඩා සිල් නොගෙන සිල් රකින්නත් පුලුවන් සිල්නොගෙන සිල්රකින අය ලග සිල් ගත්තු අය ලගට වඩා සද්ධාව ඇතයි මම විශ්වාස කරනවා. සමහර උදවිය සිල්ගන්නේ අහල පහල අයටපේන්න මොකද එතකොට හිතනවනෙ මේයා නම් හොදට සිල්රකිනවයි කියලා තමන් මාන්නෙට සමාජයට පේන්න සිල් අරන්වැඩැන්නෑ හිතේ නියම සද්ධජාවකින් සිල් අරගෙන සිල් රැකීමයි වැදගත් වෙන්නේ ඔබත් හිතන්න අනුන්ට පේන්න සිල් නොගෙන සිල් අරන් අනුන්ගේ දේවල් කතානොකර තමන් හිතන් ගියෙ සිල්ගන්නද අන්න ඒ ක්‍රියාව නිවරදිව කරන්න එවිට සිරකින්න මම හිතන විදියට සිල් රකින්න පන්සිල් පද අරක්ෂා කරන්න බැරිවෙනකන් නෑ.

මගේ වෙබ් සයිට් එක මෙතනින් ගොස් බලන්න.

මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නෙ ඇයි.

අද බොහොම සමාජයේ සිටින පුද්ගලයින් තිරසන් සත්වයින් වගේ හැසිරෙනවා. අද මේ තත්වයට පත්වෙන්න පුධාන හේතුවක් තමයි සුරාසැල් බිවීමත් සමගම පුද්ගලයා ටිකෙන් ටික පරිහානියට පත්වෙමින් පවති.අද පාසල් ළමයි පවා මද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇත. මෙවාට මුලික අඩිතාලම දමන්නේ දෙමාපියන් මොකද ඔවුන් යන මාර්ගය ඔස්සේ දරැවන් ගමන් කරන බැවින් දෙමාපියන් නිසිමග යායුතු වන අතර දෙමාපියන් ද නිසිලෙස හැදුන් මගපෙන්වන්නන් විය යුතුය.

තිරසන්නු ගානට ගනන් ගැනෙන්නේ සමහර උදවිය යන්නේ දෙකක් දාන්න යනවා කියල තමයි යන්නේ නමුත්. යනකොට යන්නෙ කකුල් දෙකෙන් එනකොට එන්නෙ කකුල් අත් දෙකම බාවිතා කරමින් මේ තත්වයට පත්වන්නෙ පුද්ගලයාතුල තිබෙන්නා වු ඇබිබැහි කම නිසාය වෙසක් පෝයටත් ‍සුරාපානය කරන නැතිනම් සත්ව හින්සනයෙහි යෙදෙන බෝහෝ පිරිස් අප සමාජ වට පිටාවෙ ජීවත්වෙන නමුත් ඔවුන් පිළිගන්න තියෙන හොදම වචනය තමයි තිරිසනුන් කරන වැඩ වලට සමාන කරන්න පුලුවන් මොකද තිරිසන් සතා කියන්නේ කිසිදෙයක් සිතිමට කතාකිරිමට නොහැකි සතුන්ය.

නමුත් අප වටා පරිසරයෙ සිටින කකුල් දෙකේ අයටද මේ තත්වය තමයි අද වන විට උදා වෙලා තියෙන්නෙ. ඉතාම පහත් වැඩ කරන පුද්ගල කොට්ටාශ අප වටේ සිටී මෙම ක්‍රියා වලියට සුරා පානයද එක් නිදසුනක් වේ.

http://www.batuwangala.sch.lk/web/sts/anuradha

සුභ වෙසක් මංගල්ලයක් වේවා!

දරුවන් අද දෙමාපියන්ට නොසලකා හරින්නේ ඇයි.

අද සමාජයේ බොහෝ දෙනෙක් දෙමාපියන්ට සලකන්නේ නෑ අම්මා කියන්නේ ගෙදර සිටින්නා වු දෙවනි බුදුන්ට සමාන කර ඇත නමුත් අදවන විට එය හාත්පසින්ම වෙනස් තත්වයක් මතු වී ඇත මොකද තාත්තාට අම්මාට ගහල පන්නන සමාජ වටපිටාවක් පවතින බැවින් නමුත් යතාර්තය නම් දෙමාපියන් අපව හදාවඩාගෙන අපට නිසි අධ්‍යාපනයක් දී අපට නිසිමග පෙන්වීමක් කරන්නේද අපේ අම්මා හා තාත්තාය නමුත් දරුවන් උස්මහත්වී තනියෙන් ජීවිතය ගතකරන විට  තමන් ඒ තත්වයට ආවේ කෙසේද යන්න අද වන විට දරුවන්ට අමතක වන සමාජයකි.
වැඩිහිටි නිවාස ඉදිවෙන්නේ ඇයි? මේ තත්වය අද වන විට උදාවෙලා තියෙන්නේ දෙමාපියන්ට නොසලකන පුද්ගලයින් සමාජයේ සිටින නිසාය. එම නිසා තමයි අද වැඩිහිටි නිවාස මහලු නිවාස රට පුරා පැතිර යන්නට එකම හේතුව මෙයයි. මේ තත්වයට ඇද වැටෙන්නේ බෝහෝ දුරට තමන්ට තනියෙම යැපෙන්නට නොහැකි වුන අවස්ථාවක්
උදාවුන විටය. ඇයි මෙහෙම දෙමාපියන්ට සලකන්නේ හැබයි තව එකදෙයක් නම් හමකෙනාම මෙහෙම කරන්නේ නෑ නමුත් බෝහෝ දෙනෙක් නම් මේ වැඩිහිටි නිවාස මහලු නිවාස ක්‍රමය තමයි අනුගමනය කරනු ලබන්නේ මම මේ කියු දේ ගැන ඔබත් මදක් නැවතී සිතා බලන්න.

උපාධි ගත්තත් අද රුකියා නොමැත නමුත් පෞද්ගලික විශ්වවිධ්‍යාලද බිහිවීමට ඉඩ ඇත

ග්‍රාමීය හා නාගරික වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබාගත්තත් උසස් පෙළ අධ්‍යාපනය ලබාගත්තත් එයිනුත් අතලොස්සකට පමණයි විශ්ව විධ්‍යාල පුවේශය හිමිවන්නේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔවුන්ට හිමිවන්නා වු උපාධියද රැගෙන ආ පසුත් රැකියාවක් නම් රජයේ රස්සාවක් නොලැබේ. මෙයට එක් හේතුවක් නම් පෞද්ගලික රැකියා ක්‍රමය බිහිවීම නිසාරජයේ රැකියා සදහා හිමිවන අවස්ථාව බොහෝසෙයින් අඩුවේ.
තවත් එක්තරා ගැටලුවක් වශයෙන් ඉදිරි කාලය තුලදී බිහිවේයැයි අපේක්ෂා කල හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලීය ක්‍රමය එමගින් ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට උපාධි ගතහැකිය නමුත් ග්‍රාමීය වශයෙන් ජීවත් වන දුප්පත් තරුන තරැණියන්ට මෙම අවස්ථාව හිමි නොවේ. එම නිසා දුක් මහන්සියෙන් ඉගන ගෙන ගන්නා උපාධිය වැදගත් කොට නොසැලකේ මෙයට එකම හේතුව මුදල් වියදම් කර අරගන්නා උපාධියයි නිසි අධ්‍යාපනයක නියලී ලබා ගන්නා උපාධියයි දෙකම එකම පිළිගැනිමකට ලක්වීම තුලින් රට තුල අවැද ගත් පිරිසක්ද බිහිවේ. මුලසිට නිසි අධ්‍යාපනයක් ලබාගත් අයත් මුදල් වියදම් කොට උපාධිය ලබාගත් අයත් අතරත් වෙනසක් නොපවති නමුත් අධ්‍යාපනය යනු නිදහස් දෙයකි. මුදල්ගෙවා
අධ්‍යාපනයක් ලබනවාට වඩා නිදහස් අධ්‍යාපනය උතුම්වේ
.

ආගමත් ජාතියත් අමතක වෙලාද

අද බොහෝදෙනාට අපේජාතිය ආගම අමතක වුන අය ඉන්න සමාජයකි නමුත් සිංහලයින් වන අප සියලු දෙනා අපේ භාෂාව වන සිංහල බාෂාව අමතක කරන එක එත රමි හොද දෙයක් නො‍වේ අපටම ආවේනික වු දහමක් හා භාෂාවක් ඇති නමුත් නොයෙක්ත් අනුකරනයන්ට ලක්වීම නිසා භාෂාකරණය පවා අද වන විට පරිහානියට ලක්වෙමින් ඇත.

නොයෙක් රට වල් වල භාෂාවට පවා අපට උපතින්ම හිමි දේට අප කැමත් දැක්විය යුතුය එසේ විය යුත්තේ එදා අප රට විදේෂිකයන්ට යටත්ව පැවති සමයේ අපේ සිංහලයන් පිටරට ආක්‍රමනයන්ට විරුද්ධව සටන් කෙරුවෙ සිංහල කම රැකගැනීමට හා එය විදේෂිකයන්ට පවාදීමට අකමැති වු නිසාය රටට හිමි ආගම හා ජාතිය ‍ බේරාගැනිමට අවෂ්‍ය වුනිසා තමයි එදා සටන් කර දිවිපුදා මවිබිම රැක ගත්තේ නමුත් අද සිටින බොහෝ දෙනෙකුටම මෙය අමතකය මොකද අද වන විට නොයෙකුත් භාෂාවන්ට වැඩි ඇල්මක් දක්වන නිසාය අධ්‍යාපනය පැත්තෙන් නමි සිංහල පමනක් නොව අනෙකුත් භාෂාවන්ද අවෂ්‍යවේ සිංහල ඉංග්‍රීසි මෙවනි භාෂා අධ්‍යාපනයේදී විශේෂ තැනක් හිමිවේ

නමුත් සමහර උදවිය මේ සියල්ල කලවමි කරගෙන අමුතුම භාෂාවක් හදාගෙන කතා කරයි නමුත් අපේ ආගම ජාතිය අමතක කිරීම එතරමි හොද දෙයක්නමි නොවේ.