මම ගොඩක් දවසකින් ලිපියක් ලියන්නේ මේ දවස් වල මම ඉන්නේ ලොකු අභියෝගයකට ලං වෙමිනි මන්ද තව ටික දවසකින් ආරම්බ වීමට නියම්ත A\L විභාගයට පෙනී සිටින්නට සිටින නිසා එනිසා මේ දවස් වල ලිපියක්වත් ලියන්න වුනේ නැත්තෙ වෙලාව නැති නිසාවෙනි. බොහෝ අය අද ජීවත් වන්නේ ගොඩක් හීන තියෙනවා නමුත් ඒ හීන සැබෑ වෙන්නෙ කියෙන් කීදෙනාගේද. නමුත් කාලය ඔය සියලු දේවල් ඉටු වුනත් නැතත් කාලය කෙමින් ගෙවී යනවා. ඔන්න ඕක තමයි අද සමාජ තත්වේ.
අද රුකියා අර්බුදයත් මේ කාලයේ කොටසක් වී හමාරය. මම එහෙම කියන්නෙ අද බොහෝ අය රුකියා නොමැතිව කාලය වොදමන්නේ එක්කො උද්ඝෝෂණ වියාපාර සදහාය නමුත් බොහෝ දුරට ඔය කියන කිසි එකක් පල ප්‍රයෝජන නොවේ. නමුත් තමන්ට නොදැනිම තමන්ගේ වයසත් ඔය කාලයත් සමග ගෙවී යනවා. එප මන දුක් විදින සමාජයක කොතරම් පිරිස් නොයෙක් ප්‍රශ්ණ පිළිබදව සිතනවද අවසානය වන්නේ කාලය ඇවෑමෙන් ගෙවී යාමයි.
අවසාන වශයෙන් මට පෙන්වන්න තියෙන්නෙ මම ලියපු මේ කියමන ටිකක් කල්පනා කලොත් තේරේවි යතාර්තය මොකක්ද කියලා අපේ ජිවිතයේ හැම දෙයකටම හරස් වන්නේ කාලය බව. නමුත් අප දැන ගත යුතුයි මේ සියල්ලට ඉදිරියෙන් අපේ වැඩ කර ගෙන යාමට අපි ඉබේම පෙබිය යුතුය.
අද සමාජෙ අහන්න දකින්න ලැබෙන දේවල් ඉතා කන ගාටු දායක සිද්ධීන්ය. හැමෝම නිරන්තරයෙන් ගුවන් විදුලි රෑපවාහිනී බලනවා අද සමාජයේ සමහර මව් වරුන් දරුවන්ව ගඟට දානවා දැන් දවස් දෙක තුනකට උඩදි අම්මා කෙනෙක් දරුවෙක්ව බෑග් ගෙහෙක දාලා බස්සෙහෙක ගමන් මලු අතුරන උඩ බාර් පේලියේ තියලා බැහැලා ගිහින් අවසානයේ ඒ දරුවා මැරිලා පිරිමි දරුවෙක් ඇයි අද දරුවන්ව නොසිලිකිලිමත්ව සලකන්නෙ දරුසම්පත යනු ගොඩක්වටින දෙයක් නමුත් අද ඉන්න බොහෝ මව්වරුන්ට මෙහි අගයක් නැහැ. අද බොහෝ පුදේශ වලින් අහන්න දකින්න ලැබෙන්නෙ එකිනෙකට වෙනස් සිදුවීම්ය. සමාජය තුලින් පුද්ගලයාට යහපත මෙන්ම අයහ පතද ගෙනඑනවා. නමුත් එයින් අයහ පත බැහැර කර යහපත බාර ගත යුතුයි.මන්ද මම හිතන්නෙ දරුවන් හදන්නන් වාලේ හදලා නිකම්මු විදියට සමාජයට බාරකරන්නන හොද නෑ සමාජයට වැඩක් ඇති විදියට යොමුකරන්න ඕන. එතකොට සීලා චාර සමාජයක් බිහිවේ ඔබත් ඒ ගැන ටිකක් හිතලා බලන්න.
ඇත්තටම අපි ජීවිතේ හමුවන බෙහෝ දේවල් වලට වටිනාකමක් තියෙනව. එවගේම ජීවිතයත් ගොඩක් වටිනවා. මේ බව අද ගොඩක් දෙනෙක් හිතන්නැති කාරණයක් වෙලා තියෙනව. මන්ද මම හිතන විදියටනම් බොහෝ තීරන ගැනීමේදි තාවකාලික තීරන ගැනීමයි අපි තීරනයක් ගන්නවා නම් ජීවිතේට වැදගත් වන තීරනයක් ගැනීම වඩාත් සුදුසු වෙයි.
අද දිවිනසා ගැනීමට ගොඩක් දෙනා පෙලබී සිටින්නෙ ඉක්මන් තීරන ගැනීමයි.සදාකාලික වෙනස්නොවන තිරනයක් වන මරණය ඉක්මනින් වැලද ගැනීමක්ය. ගොඩක් දුරට අපේ තරුණ පරම් පරා මෙසේ කෙටිකාලින තීරන ගනියි. නමුත් එයින් පසුතැවීමට ලක්වන්නේ තමන්ව ආදරෙන් හදා වඩා ගත් දෙමව් පියන් පමණි. ගොඩක් දුරට ආදර සම්බන්ද තාවයන් නිසා තරුණයන්
අපහසු තාවයට ලක්වුනාට තරුණියන් එසේ නොවේ ඔවුන් අය ආහශ්‍රය කරයි. නමුත් අපේ කොල්ලො එකක් මත්තෙම නැහිලා අවසාන තීරනය වන්නේ ජීවිතය අහිමි කරගැනීම පමණි. නැති නම් මත්ද්‍රව්‍ය වලට පෙළබීම නිසා එයින් ජීවිතය හානිකර ගැනීමට උත්සාහ කරයි. කවදාවත් අනුකම්පා නොකරන තරුණියන් අද සමාජයේ දකිනට ලැබෙ. ඇත්තටම හැම දෙනාම එසේය කියා අනුමාන කරන්න බැහැ නමුත් බොහෝ දෙනෙක් මෙසේය. අත්තටම අපි ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් වැඩකරන්නේනම් ඇත්තට අපි කවදාවත් මෙවැනි අපහසුතාවලට ලක්නොවේ.
මම ගොඩක් දවසකින් ලියන්න ගත්තෙ මොකද මේ දිනවල මම පංති නසා blog එකට කිසිවක් ලියන්නට තරම් විවේ කයක් තිබුනේ නැහැ නමුත් මාද්‍ය තුලින් රෑපවාහින් ගුවන්විදුලි මගින් අහන්නට දකින්නට ලැබෙන්නෙ නොයෙක් ප්‍රදේශවලින් අනාවරනය වන්නා වු ළමා අපාචාර සම්බන්ද සිදුවීම්ය.මන්ද මෙවැනි තත්වයක් වුදා වෙලා තියෙන්නෙ කුමක් නිසාද යන්න මම කියන්න දන්නැ අද බොහෝ බාල වයස් කාර දරුවන් අතවරයට ලක්වන අවස්තාප්‍රමාණය ඉහළ ගොස් අත.ළමුන් සදහා ලැබෙන්නා වු ආරක්ෂාව අඩු බැවින් මෙවනි තත්වයන් උදා වේ. සැලකිලි මත්කමින් ඕනෑම දෙයක් දිහා බලන්නේ නම් මෙවනි තත්වයන් වලක්වා ගතහැකිය. අද කුඩා ළමුන් බහෝ දුරට අතවරයට ලක්වන්නේ වැඩිහිටි පාර්ෂවය අතින්ය සමහර අවුරුදු 60 ඉක්මවා ගිය අය මෙවනි දේ ඉටුකර ගැනීමට පෙළඹී ඇත. සමාජය මෙතරම් දුරට අසාදාරන කම් කරන්නේ ඇයි ද යන්න ගැටලුවකි. ඔබ සැලකිලි මත්ව කටයුතු කලහොත් ඔබේ දරුවා මෙවැනි අපචාරි ක්‍රියා කරන තිරිසන් ගති ඇත්තවුන්ගෙන් බෙරා ගැනීමට හැකි වේ.
අපේ ජන කවිය ගැන කතාකරනවිට ගැමියන් මුලින්ම අපේ අවදානයට නතු වීම විශේෂයකි. මොකද මේ ජනගයනා මුලික වෂයෙන්ම බිහිවුවා යැයි සැලකෙන්නේ ගැමියන් අතින්ම වීම විශේෂයකි. මේ ජනකවි තුල ගැබ්වී ඇත්තේ ග්‍රිමීය බස්වහරයි ඔවුන්ගේ දුක සැප බෙදාහදා ගැනීම සදහා ජනකවිය උපයෝගි කරගෙන ඇත. එදා හේනේ පැල්රකින විට පාලුව තනිකම මකාදැමිමට මේ කවි රචනා වී ඇත. හේන් දෙකේ පැල් රකින විටත් ගොයම් නෙලන අවස්තා වලත් මේ ජනකවි භාවිතා කර ඇත.මෙවැනි කවි ඔවුන් වැඩකරන අවස්ථා වලදි ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන ගායනයේ යෙදීම ඉතා අපුරුබව කියා පාන තැනකි.
මෙහි ඇති සරල බව නිසා භාෂා උච්චාරනයේ පහසුව ද ඇත. තවද තාලයකට ගයනා කිරීමේ හැකියාවද ඇත.
ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රටහාලේ බතට
බොන්නෙත් බොරදියයි පුරුවෙ කලපවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
එපා කිසිවිට උඩඟු වන්නට එයින් යහපත මැකෙනවා
එපා කිසිදින උරන වන්නට එයින් සැනසුම මැකෙනවා
එපා මානය හිතට ගන්නට එයින් හදවත රිදෙනවා
එපා ආශාපොදි බදින්නට මැරෙනවා අපි මැරෙනවා
දැන් තව දින දෙකකින් පොසොන් පෝය දිනේ උදාවෙනවා ඒ වෙනුවෙන් රට පුරාම සීල වි්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා අපේ ගම් ප්‍රදේශවල ජීවත් වන උදවිය පොහොය දින එනකන් ඉන්නෙ මොකද සිල්ගැනීම සදහා උදේපාන්දරම සිල්රෙදි ඇඳගෙන සිල්ගන්න යනවා බොහෝ උපාසක මහත්වර් නම් උදේට සිල්ගන්නවා හැබයි හවසට සුරා පානය කරනවා.
මේක තමයි අද සිදුවෙන සැබෑ තත්වය මම හිතන්නෑ සිල්ගන්න සියලු දෙනාම මෙහෙම කරනවා කියලා නමුත් වැඩි දෙවනක් කරන්නෙ මේදේ තමා. ඒ වගේම අනිත් උපාසිකා මහත්මියලා සිල් අරගෙන කතා කරන්නේ රටේ නැති ඕප දුප ටික කතාකරන්න එන්නෙ පෝය දවසට පන්සලට ගිහින් සිල්ගන්න වාඩිවුන තැන ඉදලම කතා කරන්නේ අනුන්ගෙ දේවල් සමහර උදවිය නියම ආකාරයෙන් සිල් ගන්නවා නමුත් සමහර පිරිස් කරන්නෙ ඔන්න ඔය ටික තමයි.
මෙහෙම සිල්ගත්තොතින් සිල් රකින්න පුලුවන්ද කියන එකයි පශ්ණෙ නමුත් මම හිතන්නෙ හතර පෝයටම සිල්ගන්න අයට වඩා සිල් නොගෙන සිල් රකින්නත් පුලුවන් සිල්නොගෙන සිල්රකින අය ලග සිල් ගත්තු අය ලගට වඩා සද්ධාව ඇතයි මම විශ්වාස කරනවා. සමහර උදවිය සිල්ගන්නේ අහල පහල අයටපේන්න මොකද එතකොට හිතනවනෙ මේයා නම් හොදට සිල්රකිනවයි කියලා තමන් මාන්නෙට සමාජයට පේන්න සිල් අරන්වැඩැන්නෑ හිතේ නියම සද්ධජාවකින් සිල් අරගෙන සිල් රැකීමයි වැදගත් වෙන්නේ ඔබත් හිතන්න අනුන්ට පේන්න සිල් නොගෙන සිල් අරන් අනුන්ගේ දේවල් කතානොකර තමන් හිතන් ගියෙ සිල්ගන්නද අන්න ඒ ක්‍රියාව නිවරදිව කරන්න එවිට සිරකින්න මම හිතන විදියට සිල් රකින්න පන්සිල් පද අරක්ෂා කරන්න බැරිවෙනකන් නෑ.
අද බොහොම සමාජයේ සිටින පුද්ගලයින් තිරසන් සත්වයින් වගේ හැසිරෙනවා. අද මේ තත්වයට පත්වෙන්න පුධාන හේතුවක් තමයි සුරාසැල් බිවීමත් සමගම පුද්ගලයා ටිකෙන් ටික පරිහානියට පත්වෙමින් පවති.අද පාසල් ළමයි පවා මද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇත. මෙවාට මුලික අඩිතාලම දමන්නේ දෙමාපියන් මොකද ඔවුන් යන මාර්ගය ඔස්සේ දරැවන් ගමන් කරන බැවින් දෙමාපියන් නිසිමග යායුතු වන අතර දෙමාපියන් ද නිසිලෙස හැදුන් මගපෙන්වන්නන් විය යුතුය.
තිරසන්නු ගානට ගනන් ගැනෙන්නේ සමහර උදවිය යන්නේ දෙකක් දාන්න යනවා කියල තමයි යන්නේ නමුත්. යනකොට යන්නෙ කකුල් දෙකෙන් එනකොට එන්නෙ කකුල් අත් දෙකම බාවිතා කරමින් මේ තත්වයට පත්වන්නෙ පුද්ගලයාතුල තිබෙන්නා වු ඇබිබැහි කම නිසාය වෙසක් පෝයටත් සුරාපානය කරන නැතිනම් සත්ව හින්සනයෙහි යෙදෙන බෝහෝ පිරිස් අප සමාජ වට පිටාවෙ ජීවත්වෙන නමුත් ඔවුන් පිළිගන්න තියෙන හොදම වචනය තමයි තිරිසනුන් කරන වැඩ වලට සමාන කරන්න පුලුවන් මොකද තිරිසන් සතා කියන්නේ කිසිදෙයක් සිතිමට කතාකිරිමට නොහැකි සතුන්ය.
නමුත් අප වටා පරිසරයෙ සිටින කකුල් දෙකේ අයටද මේ තත්වය තමයි අද වන විට උදා වෙලා තියෙන්නෙ. ඉතාම පහත් වැඩ කරන පුද්ගල කොට්ටාශ අප වටේ සිටී මෙම ක්‍රියා වලියට සුරා පානයද එක් නිදසුනක් වේ.